Premaye mandahasini by karunarathna divulagane



ප්‍රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී

තාරකා නිව දමන්න නෙත් කැලුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා//
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා//
පාව යයි සුන්දරයි ජීවිතේ

මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා//
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා//
පාව යයි සුන්දරයි ජීවිතේ

Artist: Karunaratna Divulgane
Lyrics: Kularathna Ariyawansa
Music: Rohana Weerasingha
Genre: New Pop

Comments